Colombo Today Local News

දෛනිකව විදුලිය කප්පාදු කරද්දී වරායේ කුණු මාළු කන්නේටර් 100 කට මාස දෙකක් කෝටි 15 ක විදුලි දීලා

කොළඹ වරාය තුළ නරක් වූ මාළු කන්නේටර් 100 ක් මාස දෙකක් තිස්සේ විදුලිය සපයා තිබීමෙන් ඒ සඳහා රුපියල් කෝටි 15 ක (ලක්‍ෂ 1500) විදුලි ගාස්තුවක් ගොඩගැසී ඇති බව වාර්තා වේ.

ප්‍රති අපනයනය කිරීම සඳහා මීට මාස දෙකකට පමණ පෙර කොළඹ වරායට ගෙන ආ මෙම කන්ටේනර්වල තිබූ මාළු කිසියම් හේතුවකින් නරක්වීමෙන් පසු වරායට ගොඩබා ඇති බවත් නකර වූ මාළු කන්ටේනර්වලින් පිටවීම වැලැක්වීම සඳහා මෙසේ ශීතකරණ සහිත කන්ටේනර්වලට විදුලිය සැපයුම ලබාදී ඇති බවත් වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

ශ්‍රී ලංකාව විදුලි අර්බුදයකට මුහුණ දී දෛනිකව විදුලිය කප්පාදු කරන තත්වයක් තුළ කුණු මාළු තොගයකට විදුලි සැපයීම අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන් හැකි ඉක්මණින් පියවරක් ගතයුතු බවත් වරාය වෘත්තිය සමිති අවධාරණය කරති.

අදාල කන්ටේනර් හිමි සමාගමට රක්‍ෂණයෙන් විදුලි බිල ගෙවීම සඳහා මුදල් ලැබෙනු ඇති බව කියන වෘත්තීය සමිති නියෝජිතයෝ මෙය රටේ ජනතාවට විදුලි අහිමිකිරීමක් බව ද සඳහන් කරති.

වරාය හා නාවික අමතා්‍යංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමේදී පැවසුවේ මෙවැනි දෙයකට විදුලිය සැපයීමෙන් විදුලිය නාස්ති කිරීම අනුමත නොකරන බවයි.

-ලංකාදීප-

Related posts

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

Admin

රාජිතගේ ටිකට් කපන්න ලංකාවෙන් 140ක් ගිහින් ! ටිකට් කැපූ රාජිත යාබද සුපිරි නිවාස සංකීර්ණයක විවේක සුවෙන්

colombotoday

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

Admin

වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපති අධිකරණයට දන්වයි

colombotoday

සේවා අඬාල කරන්න එපා – ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස්

colombotoday