Colombo Today Local News

එන වසරේ එජාප – TNA හවුල් ආණ්ඩුවක් !

සම්මුතිවාදී ආණ්‌ඩුවෙන් ලබන 31 වැනිදායින් පසුව ශ්‍රීලනිප පාර්ශ්වය ඉවත් වුවහොත් ආණ්‌ඩුව පවත්වාගෙන යැමට අවශ්‍ය තරම් මන්ත්‍රීවරුන් විපක්‍ෂයෙන් එජාපයට එකතු වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සභානායක උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්‍ෂයෙන් එජාපයට එකතු වීමට නියමිත එම මන්ත්‍රීවරුන්ගේද සහාය ඇතිව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර පවතින දැඩි විශ්වාසය මත ආණ්‌ඩුව තවදුරටත් පවත්වා ගෙන යැමට හැකි බවට කිසිදු සැකයක්‌ නැති බවත් කිරිඇල්ල මහතා කීය.

එජාපයත් – ශ්‍රී ලනිපයත් අතර වසර දෙකක්‌ සඳහා ඇති කරගත් ගිවිසුම්ගත කාලය පසුගිය අගෝස්‌තු 31 වැනිදායින් අවසන් වූ අතර ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ලබන 31 වැනිදා තෙක්‌ ආණ්‌ඩුවේ රැඳී සිටීමට ශ්‍රී ලනිප පාර්ශ්වය එකඟ වී තිබිණි.

එසේ විපක්‍ෂයෙන් එජාපයට එකතු වීමට නියමිත ව සිටින මන්ත්‍රීවරුන් අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීන් මෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ද සිටින බවත් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.

– දිවයින

Related posts

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

colombotoday

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි !

colombotoday

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday

කොළඹ වරාය ඉන්දියාවට පවරන්න සූදානම්.. යහපාලන සගයෙක් හෙළිකරයි

colombotoday

එජාප මන්ත්‍රී විජේදාස, ගෝඨාගේ සහයට එක්වෙයි..!

colombotoday

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

colombotoday