Colombo Today Local News

රුවන්වැලි මහා සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට අරන් !

බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් වූ රුවන්වැලි මහා සෑයේ රුව සහිතව රත්නපුර ප්‍රදේශයේ කුකුල්මස් ව්‍යාපාරික ආයතනයක කැලැන්ඩරයක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අද දහවල් රත්නපුර පොලිසිය සමග එම ස්ථානයට ගොස් ඇති අතර, ව්‍යාපාරික ආයතනයේ හිමිකරුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයද නිවේදනයක් නිකුත් කර ඇති අතර, පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

රත්නපුර කුකුල්මස් ව්‍යාපාරිකයෙක් කැලැන්ඩරයකට පූජනීය රුවන්වැලිසෑය යොදා ගැනීම පිලිකුලෙන් යුතුව හෙලා දකිමු..

එම මුස්ලිම් ව්‍යාපාරිකයාට අප විසින් කතා කල අතර එහි වැරැද්ද පිලිගෙන සමාව ඉල්ලා සිටි අතර ඒ බව කඩය ඉදිරිපිට බැනරයක් දමා පල කිරීමට එකග විය..

මේ පිලිබඳව ෆෙස්බුක් මගින් දැනුවත් කිරීම අගය කරමු.

මේ කරුණ නිසා මතුවන කරුණු රාශියකි..

මුස්ලිම් පිරිස් හට මේ රටේ සංස්කෘතිය හා අන් ආගමික ස්ථාන වලට ගරු කිරීමට අවබොධයක් ලබා නොදීමය..

මේ ගැන රජය ද , උලමා වරුද, මුස්ලිම් පල්ලි ද වග කිව යුතුය..

කුරාණය, අරාබි භාෂාව , මක්කම ගැන ඉගැන්වීම මෙන්ම මේ රටේ සංස්කෘතිය මුස්ලිම් අයට කියා නොදුනහොත භයානක ප්‍රතිඵල ඇතිවිය හැක..

ගව ඝාතනය ඉස්ලාම් ආගමේ පිංකමක් වුවද බහුතර බෞද්ධයා අගයන පංචශීලය අනුව සතුන් මැරීම පාපයක් වන සමාජයක මෙවැනි කරුණු ඉතා සංවේදීය.

මේ පිලිබඳව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කලබල කාරී තත්ව ඇති කරන අයට ඉඩ ලබා නොදෙන ලෙසත් අප විසින් අපගේ සම්බන්ධීකරණ අංශ වලට දැනුම් දී ඇත..

උලමා ආයතනයටද මේ පිලිබඳව අප විසින් පැමිණිලි කර ඇත..මෙය වැරදි ක්‍රියාවක් බව ඔවුන්ද පිලිගෙන ඇත.

මේ කැල්න්ඩර් මුද්‍රණය කල කුරුනෑගල මුද්‍රණාලය ද මේ ගැන සැලකිලිමත් විය යුතුය.

එමෙන්ම ඉස්ලාමික ආගමික සංවිධානද මේ පිටිපස සිටීමට ඇති ඉඩ කඩ ගැනද අප විසින් සොයා බැලිය යුතුය.

– බොදු බල සේනා මාධ්‍ය ඒකකය

Related posts

ඉරාජ් වීරරත්නට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරයක්.

colombotoday

වරායේ තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 25ක්

colombotoday

ගූගල් බැලුන් උඩ යැවූ හරීන් ප්‍රනාන්දුට දුෂණ චෝදනා රැසක්….

colombotoday

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට !!

colombotoday

“යහපාලනයට“ අදට තුන් වසරයි.. ජනපති මෛත්‍රීට ඉතිරිව ඇත්තේ තව එක ජනවාරි 8ක් පමණයි

colombotoday

පෙළපාලි තහනම්

Admin