Colombo Today Local News

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

“මම විවෘතවම කියනවා; මම දිළිඳුකම අත්විඳපු කෙනෙක්. ඒ පීඩාව ලබපු කෙනෙක්. මගේ පියා මගේ මව සමග කුඩා කාලයේ සිට ගතකළ දුෂ්කර ජීවිතය මෙවැනි පුළුල් මානවවාදී ශ්‍රේෂ්ඨ ව්‍යාපාර සඳහා විශාල ශක්තියක්, බලයක් සහ පිටුවහලක්වුණා. ඒ අනුව දිළිඳුකම පිටුදැකීමට ඇති උවමනාව මගේ ශරීරය තුළම තියෙනවා.

බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශි‍්‍රත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරයේ අමාත්‍යවරුන්ගේ සමුළුව (20දා) කොළඹදී ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එසේ ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

අද යුද අභ්‍යාස සඳහා බලවතුන් වාර්ෂිකව මොන තරම් වියදමක් දරනවද? ලෝක බලවතුන් යුද අභ්‍යාසවලට වියදම් කරන ප්‍රමාණය කොච්චරද ලෝකය දුගී බවින් ලෝකය නිදහස් කරන්න ඒවැය කරන අති විශාල මුදලින් යම් ප‍්‍රමාණයක් ඒ අයට පරිත්‍යාග කරන්න බැරිද? ඒත් අද ලෝකයේ බලවතුන්ම යුද නිර්මාණය කරමින් යුද නැවැත්වීමේ අසාර්ථක උත්සාහයන්වල යෙදෙනවා. යැයිද ජනාධිපතිවරයා පැවසීය.

Related posts

රාසික්ට වැඩ වරදී – බුදුන්ට අපහාස කල නඩුවේ ඇප අවලංගු වෙන ලකුණු

colombotoday

කාල්ටන් නිවස අසල විරෝධතාව : අත්අඩංගුවට ගත් සැකකරුවන් 12ට ඇප

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් රැගෙන එයි

colombotoday

අලුත් පක්ෂය ස්ථීරයි.. අවසන් සාකච්ඡාව ඊයේ.. ලියාපදිංචිය ඉදිරි දෙසතියේ

colombotoday

“ටික් ටෝක්” එකේ සිදුකල කොටි සැමරුම්

colombotoday

තරුණයෙක් මහනුවරදී විදේශීය කාන්තාවකගේ පස්ස මිරිකලා. – වීඩියෝව ලොවපුරා යයි.

colombotoday