Colombo Today Local News

පොල් ගෙඩි 36ක් සොරාගත් දෙදෙනෙකුට ලක්ෂ 4ක ශරීර ඇප !

පොල් ගෙඩි තිස් හයක් සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකුට එක් අයකුට ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල ඉලංගසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගලේවෙල කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි නිසාන්ත ප්‍රනාන්දු සහ එච්. ආර්. ජයතිලක යන දෙදෙනෙකි.

ගලේවෙල හෝම්බාව ප්‍රදේශයේ පොල් ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී පොල් ගෙඩි තිස් හයක් කඩාගෙන රැගෙන යමින් සිටියදී සැකකරුවන් දෙදෙනා ඉඩමේ හිමිකාරියට හසුවී පසුව හිමිකාරිය විසින් ගලේවෙල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන සැකපිට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇප මත නිදහස් කොට ඇත .

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන ගලේවෙල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කොට ඇත්තේ රුපියල් 2700 වටිනා කමකින් යුත් පොල් ප්‍රමාණයක් මෙසේ සොරාගෙන ඇති බවය.

පැමිණිල්ල ඉදිරිපත් කරන ලද කාන්තාව පොලිසියට කියා ඇත්තේ නිරන්තරයෙන් මෙම පුද්ගලයන් දෙදෙනා තම පොල් වත්තේ පොල් සොරකම සිදු කරන බවත් අවස්ථා ගණනාවක ම අතටම හසු වී ඔවුන් නිදහස් කර හැරි බව ය. එහෙත් දිගින් දිගටම මේ ආකාරයෙන් පොල් සොරකමේ යන නිසා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බවද ඇය සදහන් කොට තිබේ.

adaderana

Related posts

මැතිවරණයෙන් පසුව නව රජයක්…!! කරූ ජයසුරිය අගමැති ?

colombotoday

(VIDEO) ‘තිත්ත බේත් අපට එපා.. තොපිම බීපියව්’ වාසුගෙන් සැර කතාවක්

colombotoday

ආණ්ඩුව අනූ නමයෙන් බේරෙයි.. පරිපූරක ඇස්තමේන්තුව වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි

colombotoday

වරාය විකිණීමට එරෙහිව ඉදිරිපත් කළ, කුණු කූඩයට වැටුණු කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ…

Admin

එජාප ආණ්ඩුවට ආසන 105යි… දෙමළ සන්ධානය විපක්ෂයේ සිට සහය දෙයි…

colombotoday