Colombo Today Local News

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

විදේශ රටවල පුරවැසිභාවය ලබාසිටින ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා විශාල වශයෙන් ඉදිරිපත්වන බවත් 2015 මාර්තු මාසයේ සිට මේ දක්වා 31,000කට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් එම්. නිහාල් රණසිංහ මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ රටේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා එක්අයෙකු රුපියල් ලක්ෂ 03ක මුදලක් ද ඔහුගේ බිරිඳ හා ළමයින් සඳහා එක් අයෙකුට රුපියල් 50,000බැගින් ගාස්තු ගෙවිය යුතු වේ.

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේ අයඳුම්පත් විශාල සංඛ්‍යාවක් තම දෙපාර්තමේන්තුවට ලැබෙමින් පවතින බවත් ඒවා පරීක්ෂණයට ලක්කොට සුදුස්සන්ට පුරවැසිභාවය ලබාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කරගෙන යන බවත් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නායක මහින්ද – සභාපති මෛත්‍රීපාල – මහ ලේකම් බැසිල්

colombotoday

මන්ත්‍රීවරුන් යහමගට ගන්න වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් කතානායකට ලිපියක්

colombotoday

අස්වැසුම ඉල්ලා අභියාචනා 780,000ක්..

Admin

රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි

colombotoday

ක්‍රීඩා අමාත්‍යංශයේ වියදමින් නොර්වේ ගිය මල්ලවපොර කළමනාකරු අතුරුදන්

colombotoday