ජාතික පරිසර ප්‍රතිපත්තියක් තුළ පරිසර සංරක්ෂණය පිළිබද තීන්දු තීරණ ගැනීමේදී කිසිදු රාජ්‍ය නිලධාරියෙකු බිය විය යුතු නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති ජාතික පාරිසරික සභාව අමතමිනි.
විල්පත්තුව ගැන මේ දනවලදී නැවතත් මාධ්‍ය වාර්තා පළවන බවත්, වරදක් සිදුව ඇත්නම් එය වහා නිවැරදි කිරීමටත්, එසේ නොවෙන්නම් එම මාධ්‍ය වාර්තා නිවැරදි කිරීමටත් පියවර ගන්නැයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කළේය.