Colombo Today Local News

රජය අඩුකළ බෙහෙත් මිළ යළි වැඩි කරයි.. පිය-පුතු අනුග්‍රහයෙන් බාල බෙහෙත් සමාගම් ගොඩ යයි

2016 ඔක්තෝබර් 21 අංක 1989/61 අතිවිශේෂ ගැසට්පත මගින් අඩු කළ ඖෂධ වර්ග 48ක මිළ 2017 දෙසැම්බර් 14 දින අංක 2049/31 අති විශේෂ ගැසට් පත්‍රය මගින් නැවත ඉහළ දමා ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ හේතුවෙන් මෙරට රෝගීන්ට මේ වන විට එම ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇත්තේ පැරණි මිළටම බවද නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය සදහන් කරයි.

බෙහෙත් වර්ග 48 මිළ අඩු කිරීම නිසා ප්‍රමිතියකින් යුක්තව බෙහෙත් නිෂ්පාදනය කරන සමාගම් දේශීය වෙළදපොලෙන් ඉවත් වූ අතර, ඒ අනුව දැන් සිදුව ඇත්තේ බාල වර්ගයේ බෙහෙත් නිපදවන සමාගම්වල අඩු මිලක් නියමව තිබූ බෙහෙත්වල මිළ වැඩි වීම බවත්, එම සමාගම් ඇමතිවරයාට හිතවත් සමාගම් බවටද කතාබහට ලක්වන බවත් එම නිවේදනය සදහන් කරයි.

අවසානයේ සිදුව ඇත්තේ අඩු මිලක් නියමව තිබූ බෙහෙත් වර්ගවලට පිය පුතු අනුග්‍රහයෙන් වැඩි මිළක් නියමවීම බවත්, මේ ලෙසින් ජනතාව ගොනාට ඇන්දවීම නවතා දමන්නේ කවදාදැයි යහපාලන රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුටත් කියා සිටී.

Related posts

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙත් හරීන්ගෙත් හොම්බට ගහනවා

colombotoday

නිවසක් ගිනිගෙන මවක් සහ දියණියක් අවසන් ගමන් යයි

colombotoday

කොරෝනා වෛරසය ආසාදිතයින් 1045 ක් දක්වා ඉහලට

colombotoday

චාමර ඇතුලට

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

ගාල්ලේ ධීවර කාර්මිකයින්ට පීසීආර් අනිවාර්යයි

colombotoday