ArticlesColombo Today Local News

මියන්මාරයේ අමරපුර ඇති ලොව ප්‍රථම ජේඩ් දාගැබ !

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ පිහිටා ඇති වෙරාවානා (Werawsana) දාගැබ වටිනා ගල් වර්ගයක් වන ජේඩ් වලින් ගොඩනගා ඇත. අමරපුර ප්‍රදේශයේ මින්ගම් ගම්මානයෙහි කඳු මුදුනක ගොඩනගා ඇති මෙම දාගැබ මැන්ඩලේ ජාත්යන්තර ගුවන්තොටුපලට යාබදව පිහිටා ඇත.

“වෙරාවානා”( Werawsana) යන වචනයෙන් මියන්මාරයේ සියලු ජනයා හා ලෝකවාසී ජනයා වැඳ පුදා ගැනීම සඳහා යන්න අර්ථ ගැන්වේ.

මින්ගම් ගම පිහිටා ඇත්තේ යන්ගුන් -මැන්ඩලෙයි අධිවේගී මාර්ගයේ අඩි 600 ක් පමණ බටහිරට සහ අඩි 1,000 ක් සාගිං හි දකුණු මායිමට වන්නටය. දාගැබ පිහිටි මළුව පරිපූර්ණ චතුරශ්රයක හැඩය ගනී. එහි දිග අඩි 133යි අඟල් 6 ක් සහ අඟල් පළල අඩි 133 යි අඟල් 6ක් වේ.

මෙහි ඉදිකිරීම් කටයුතු ඇරබීමට පෙර එරටේ සම්ප්‍රධායට අනුව ආගමික උත්සව දෙකක් පවත්වනු ලැබීය. පළමුවන උත්සවය “මහ මංගල” ලෙස හැදින්විණි. එය චාරිත්‍රානුකූලව බිම පිරිසිදු කිරීම කිරීමයි. 2012 දෙසැම්බර් මස 21 වැනි දින එය සිදු විය. දෙවැන්න අත්තිවාරම කැපීමේ උත්සවයයි. 2012 දෙසැම්බර් මස 23 වැනි දින එය සිදු විය

ජේඩ් දාගැබහී උස අඩි 75 යි අඟල් 6 ක් වෙන අතර වටප්‍රමාණය අඩි 176 ක් පමණ වේ. දිශාවන් හතරකට මුහුණලා ඇතුල් වීමේ ගුහා හතරක් ඇත. එක් එක් ස්ථානයේ ජේඩ් ඉදි පිළිමයක් සහ මල් ආසනයක් ඇත.

රික්ටර් පරිමාණයේ 6.59 ක භූමිකම්පාවකට පවා ඔරොත්තු දිය හැකි පරිද්දෙන් සහ දරුණු කුණාටුවලට ඔරොත්තු දිය හැකි ලෙස මෙම දාගැබ නිර්මාණය කර ඇත.

මෙම දාගැබ සදහා වසර 25 කට වඩා වැඩි කාලයක් ජෙඩ් ගල් ආධාර ලෙස එකතු කර ඇත. දාගැබ සෑදීම සඳහා ටොන් දහසකටත් අධික A, B, C, D ශ්‍රේණියේ ජේඩ් ගල් යොදාගෙන ඇති අතර තවත් ටොන් 850 කට අධික ප්‍රමාණයක් දාගැබ තුල තැන්පත් කර ඇත.

එරන්ද කේ නවරත්න

Related posts

යතුරුපැදිවල අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන දෙන්න යෝජනාවක්

colombotoday

අට වෙනිදා පාර්ලිමේන්තුවේ පෙරළියක්…

colombotoday

ජිනීවා යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු – විපක්ෂනායක සම්බන්ධන් රජයට කියයි

colombotoday

කැබිනට් ප්‍රකාශක ධුරයෙන් රාජිත ඉවතට.. රාජිතගේ පුටුව මංගලට !

colombotoday

මහරගම අපේක්ෂා රෝහලේ පිලිකා සුව කරන RFA යන්ත්‍රය අක්‍රීයයි. පෞද්ගලික රෝහල් මේ පිටුපස සිටින්නේ දැයි සැකයක්

colombotoday

යුද විජයග්‍රහණය සමරන්න ආණ්ඩුව මේ තරම් බය ඇයි ?

colombotoday