Colombo Today Local News

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් කෙටුම්පත් කෙරේ.. වෛද්‍ය උපාධිය ගන්න මින් පසු C-2යි S එකක් ඇති

වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කර ගනු ලබන සෑම සිසුවෙකුම, මෙරට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන විෂයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමර්ථයන් දෙකක් සහ සාමාන්‍ය සාමර්ථයක් සහිතව එක් වාරයකදී සමත්ව තිබීම අවම සුදුමුකම ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ඊයේ (13) පැවති කැබිනට් මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පළ කළේය.

ඒ අනුව ශ්‍රි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන අවම ප්‍රමිතීන්, වෛද්‍ය ආඥාපනත යටතේ වන රොගුලාසි වශයෙන් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වෛද්‍ය අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය වන අවම සුදුසුකම් වෛද්‍ය ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කිරීම දිගු කලක පවතින අවශ්‍යතාවයකි.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ අවශ්‍ය අවම සුදුසුකම්, වෛද්‍ය අධ්‍යාපන පාඨමාලාවන්හි අන්තර්ගතය, වෛද්‍ය සිසුන් ඇඟයිම්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අධ්‍යයන සම්පත් හා පහසුකම්, පාඨමාලා සමාලෝචනය, අධ්‍යවන ක්‍රියාවලිය අඛණ්ඩව යාවත්කාලීන කිරීම, පාලනය හා කළමනාකරණය යන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය අවම ප්‍රමිතින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් කෙටුම්පත් කරනු ලැබ තිබේ.

මෙම ප්‍රමිතීන් පැනවීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නීතිපතිවරයා ඇතුළු අදාළ පාර්ශව මේ වන විට එකඟතාවයකට පැමිණ තිබේ.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් දක්වා ගමන් ඇරඹිම නොවැම්බර් පළමුවනදා සිට

colombotoday

විජිතපුර බලකොටුවේ පුරාවිද්‍යාත්මක ඉඩමක්‌ ඩෝසර් කර පලතුරු වගා කල මුස්ලිම් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

20 සම්මත කිරීම ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි

colombotoday

විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීම අද සිට Online ක්‍රමයට

colombotoday

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

නාමල් කුරුණෑගලට?

Admin