Colombo Today Local News

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

නාවට්කුලි විහාරස්ථානය සම්බන්ධයෙන් ගෞරවාන්විත තීන්දුවක් ලබාදුන් ‍යාපනය චාවකච්චේරි මහේස්ත‍්‍රාත් ශ‍්‍රිනිධි නන්දසේකරම් මහත්මිය වෙත ගෞරවය පිරිනැමීමේ වැඩසටහනක් පැවැත් විණි.

යාපනය මහාධිකරණ සංකීර්ණයේදී පෙරේදා (10) යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය මහාධිකරණ සුභසාධක සංගමය විසින් මෙම ගෞරනවය පුදකරන ලදී.

ශ‍්‍රිනිධි නන්දසේකරම් මහත්මිය එළැඹෙන ජනවාරි මස සිට වවුනියාව මහේස්ත‍්‍රාත් ලෙස ස්ථාන මාරුවීම් ලබායාමට නියමිතය.

යාපනය නාවට්කුලි විහාරස්ථානයේ දාගැබ ඉදිකළ ඉඩම සම්බන්ධයෙන් වන ගැටළුවේදී ගෞරවාන්විත තීන්දුවක් ලබාදෙමින් බුදු දහමේ අගය පහදා දෙමින් දේශනයක් පැවැත්වීමටද ශ‍්‍රිනිධි නන්දසේකරම් මහත්මිය කටයුතු කළාය.

යාපනය, නාවට්කුලි විහාරස්ථානයේ දාගැබ ඉදිකිරීමට නියමිත වු ඉඩම සම්බන්ධයෙන් යාපනය කොඩිකාමම් ප‍්‍රාදේශීය සභාව අවසරය ලබානොදීම සම්බන්ධයෙන් වන ගැටළුවිදී බුදු දහමේ අගය පහදමින් හින්දු භක්තික කාන්තාවක් වුවද තමන් සහ තම දූ දරුවන් පවා බුදු දහම අදහන බවද පවසමින් විහාරස්ථාන ඉඩමේ ගැටළුව නිමා කිරීමට නියෝග කරනු ලැබීය.

මහේස්ත‍්‍රාත්වරිය වෙත ගෞරවය පිරිනැමීමේ අවස්ථාවට යාපනය මහාධිකරණ කාර්ය මණ්ඩලය හා නීතිවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Adaderana

Related posts

“එජාපය සමග තවදුරටත් යන්න බෑ.. තීරණයක් ගන්න වෙනවා” – හකීම් රතු එළි දල්වයි (Video)

colombotoday

ආර්යාවගෙන් සුභපැතුම්

colombotoday

ජපනා රුපියල් කෝටි 350ක් ඉවත් කර ගනියි ! සෙලාන් බැංකුව අනතුරේ !

colombotoday

රිෂාඩ්ගේ නිවසේදී පිළිස්සි මිය ගිය ඉෂාලිනිගේ දේහය යළි ඥාතීන් වෙත

colombotoday

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.

colombotoday

නයන වාසුලගේ දේහය කේ. සුජීවාගේ දියණියන් බාර ගනී

Admin