World

නිව්යෝක්, මෑන්හැටන් බස්නැවතුමේ බෝම්බ ප්‍රහාරයක්… ප්‍රහාරකයා බංගලි ISIS ත්‍රස්තයෙක්

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ බස් නැවතුම්පළක බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ තැනැත්තා බංග්ලාදේශයේ සිට සංක්‍රමණය වූවෙකු බවට මූලික පරීක්ෂණ වලදී හෙළිදරව් කරගෙන ඇත.

27 හැවිරිදි ආකායේද් උල්ලාහ් ලෙස හදුනාගෙන ඇති ඔහු IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අභාසය ලැබූවෙකු බවද හෙළිවී ඇත.

අවම තාක්ෂණය යොදාගෙන සකසා තිබූ බෝම්බය පසුගිය සදුදා නිව්යෝක්, මැන්හැටන් බස් නැවතුම්පොළ තුළ පුපුරුවා ගැනීම හේතුවෙන් මෙම ත්‍රස්තයාද පිලිස්සුම් තුවාල ලැබීය. ප්‍රහාරයෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

යුරෝපය තුළ නත්තල් සමයේ එල්ල කෙරුණු ආකාරයේ ප්‍රහාරයක් එල්ල කිරීමට තමන්ට අවශ්‍ය වූ බවත්, ඒ සදහා නත්තල් දැන්වීම්වලින් යුතු බස්නැවතුම්පොළේ උමං මාර්ගය වඩාත් සුදුසු ස්ථානය ලෙස තෝරාගත් බවත් ත්‍රස්තවා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

 

Related posts

ෆයිසර් එන්නත් දත්ත හැක් කළ බවට උතුරු කොරියාවට චෝදනා

colombotoday

ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලින් ළමයින් 460ක් ජීවිතක්ෂයට

colombotoday

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

colombotoday

IS ත්‍රස්තයෝ ප්‍රංශයේ කිතුණු පල්ලියකට පනී.. පූජකවරයාගේ ගෙල කපා මරයි !

colombotoday

යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යයි – ගමන් මඟ දශමයකින් වෙනස් උනොත් පෘථිවියට වෙන දේ…

Admin

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday