Colombo Today Local News

උපදේශන සමාගමකට කෝටි කෝටි 88ක් දෙන්න නිමල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය !

කොළඹ හා තදාසන්න දුම්රියමාර්ග ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් සඳහා වන ශක්‍යතා අධ්‍යන හා උපදේශන කොන්ත්‍රාත්තුව කොරියානු
සමාගමක් වන Dohwa Engineering Company Limited වෙත පිරිනැමීමට විශය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා පවුම් 256,030 ක්, ඇමරිකානු ඩොලර් 6,481,575 හා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 379,213,616 ක් අදාළ සමාගමට පිරිනැමීමට තීරණය වී ඇති බව පැවසේ.

අදාළ ව්‍යාපෘති උපදේශන සේවය සඳහා පමණක් අදාළ මුදල් ඒකක සියල්ලේ එකතුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් අසූ අට කෝටි අනූ
දෙලක්ෂ හැත්තෑහතර දහස් නවසිය විසිහයක් (188,92,74,926) එම සමාගමට ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Related posts

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

මහනුවර ආරක්ෂාවත් තර කරයි

colombotoday

“බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්.” – එච් එම් ජයවර්ධන සහ කසුන් කල්හාර ගැන සන්නස්ගල කතා කරයි

colombotoday

ජනපතිගේ අති විශේෂ ගැසට් පත්‍රයේ අවුලක්.. ලංකාවට ආ සැනින් තවත් ගැසට් එකක්…

colombotoday

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

colombotoday

“මෛත්‍රීට දිනන්න බෑ” – මහින්ද රාජපක්‍ෂ නිමල් සිරිපාලට කියයි

colombotoday