Colombo Today Local News

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය විසින් නිකුත් කර ඇති 2017 වුමන් ඉන් පොලිටික්ස් ජාත්‍යන්තර වාර්තාවට අනුව ලෝකයේ වැඩිම අමාත්‍යවරුන් ගණනක් සිටින රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් 47ක් සිටින අතර එය අදාළ ලෝක වාර්තාවට හේතුවී ඇත.

ඉක්වදෝරය, කැමරුන්කොං, ගෝ ආදී රාජ්‍යයන්ද මෙම ලයිස්තුවේ ඉහලින් සිටී.

මෙම වාර්තාව මගින් ලෝකයේ රටවල් 191 ක අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කාන්තා මන්ත්‍රීවරියන්ගේ හා ඇමතිනියන්ගේ ප්‍රතිශතයන් දක්වා තිබේ.

ඒ අනුව කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ප්‍රමාණය අතින් ලංකාව පසුවන්නේ ලෝකයේ 179 වන තැනට බවද එය හෙළිකර ඇත.

එහිදී මැද පෙරදිග රටවල් හැරුණුවිට අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගණනක් සිටින රටක් ලෙසද ලංකාව නම්ව තිබීම විශේෂිතය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ක් අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිටින්නේ 13 දෙනකු පමණකි.

මේ අතර මෙරට අමාත්‍යවරුන්ගේ ප්‍රතිශතයෙන් ඇමතිනියන්ගේ ප්‍රතිශතය දක්වා ඇත්තේ සියයට 4.7ක් ලෙසය.

එම වාර්තාවට අනුව ලෝකයේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ප්‍රතිශතයක් සිටින රට බවට පත්ව ඇත්තේ රුවන්ඩාවය.

Related posts

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක් – ජොන්ස්ටන් මාධ්‍යට කියයි

colombotoday

සජිත් පවත්වන්න ගිය උත්සවයක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගිය බඩුත් ඔතන් පිටවෙයි

colombotoday

ලුණු ආනයනයට අවසර ඉල්ලලා

Admin

කුසලට අල්ලස් දෙන්න හැදුවේ නිරුපිකාවන් ලබා දෙන සෙල්ලක්කාර ධනපතියෙක් – Photos

colombotoday

වැඩිය ගහල නෑ.. වතුර විතරයි ගැහුවේ.. මම හිටියනම් එහෙමවත් ගහන්න දෙන්නෑ

colombotoday

සහල් මිල ගැන මට අදහසක් නෑ

Admin