Colombo Today Local News

ලංකාව ඉදිරියේ තවත් සුළි සුළගක්.. හෙට සිට දැඩි සුළං, මහ වැසි.. අනතුරු ඇගවීම් නිකුත් කරයි !

දිවයිනට ගිණිකොන දිගින් කිලෝමීටර් 1300ක් පමණ දුරකින් ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි දිනවලදී විශේෂයෙන් හෙට දිනයේ සිට දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, දකුණු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.

අද (04දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යමා හා ඌව පළාත් වලත් හම්බන්තෙට දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවල එම අගය මිලි මීටර් 75ක් දක්වා වැඩිවෙනු ඇති බවයි.

Related posts

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

Admin

බලය බෙදන ව්‍යවස්ථාව ඉදිරියටම, සජිත් එකගවූ යෝජනා මෙන්න !

colombotoday

ඩොලර් මිලියන 11ක කිරි හරක් මගඩියක්? – හිටපු ලේකම්වරියක් CID කැඳවයි!

Admin

ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ලබාදෙන්න – බ්‍රැන්ඩික්ස්ට පාර්ලිමේන්තුවෙන් අභියෝගයක්

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

Admin

කොටි පරාජය කිරීම ගැන නෝර්වේ අගමැතිණිය කම්පා වෙයි…

colombotoday