Colombo Today Local Newsextremism & terrorism activities

අන්වර් මනතුංග ඉස්ලාම් අන්තවාදයේ නිරුවත හෙළිකරයි.. (Video)

සමාජ ජාලා ඔස්සේ මුස්ලිම් සමාජය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන අන්වර් මනතුංග නමැති අයෙකු විසින්, මෙරට මුස්ලිම් බහුතර ප්‍රදේශවලදී, අන්‍ය ජාතිකයන් අපහසුතාවට පත් කරමින් සිදුකරන අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අනාවරණය කර තිබෙනවා.

මුස්ලිම් සමාජය පමණක් වෙත “වට්ස්ඇප්“ ඔස්සේ නිකුත් කර ඇති හඩ පටයක් මගින් ඔහු පවසන්නේ මෙරට මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල අමුතු සංස්කෘතියක් ගොඩනැගී ඇති බවයි. එවැනි ප්‍රදේශවලදී මෙරට නීතිය නොතකා අන්තවාදී ලෙස හැසිරෙන මුස්ලිම් ජාතික පිරිස්, අන්‍යජාතිකයන් හිරිහැරයටත් පත් කිරීමට පෙළඹී සිටින බවත්, ජාතිවාදී ගැටුම් ඇතිවීමට මූලික හේතුව එය බවත් හඩ පටය මගින් ඔහු ප්‍රකාශ කරයි.

පසුගිය කාලයේ ඇතිවූ ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සාධාරණීකරණය කරමින් සමාජජාලා ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ අයෙකු වන අන්වර් මනතුංග ජමියතුල් උලමා සභාවේද උපදේශකයෙකු ලෙස කටයුතු කරන අයෙක් යැයි පැවසේ.

එම හඩ පටය පහතින්

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2014065958862877/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කෙරෝනා

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

ප්‍රභාකරන් හිටියානම් හොදයි.. උතුරේ අය මා එක්ක කියනවා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday

මත්පැන් සාදයකට එරෙහි වූ ආරවුලක් මරණයකින් කෙලවර වෙයි

Admin

යළිත් අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල විය හැකියි – ඥානසාර හිමිගෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

colombotoday