Colombo Today Local News

ජනපති මෛත්‍රීට දකුණු කොරියාවේ ද්විත්ව පුරවැසිභාවය !

දකුණු කොරියාවේ රාජ්‍ය  සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එරට රජයේ උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රෝපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනමා තිබේ.

සෝල් මෙට්‍රෝපොලිටන්හි නගරාධිපති පාක් වොන්සූන් මහතාගේ නිල කාර්යාලයේ දී අද පෙරවරුවේ පැවති විශේෂ උත්සවයකදී ජනාධිපතිවරයා වෙත එම ගෞරවනීය පුරවැසිභාවය පිරිනැමු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳ මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුළ පවත්නා නොපසුබට උත්සාහය පිළිබඳ තමන් ආකර්ෂණීය වී ඇති බව සෝල් මෙට්‍රෝපොලිටන් නගරාධිපතිවරයා එහිදි සදහන් කර ඇත.

ඊට ගෞරවයක් වශයෙන් සහ සමීප මිත්‍රත්වයේ සංකේතයක් ලෙස මෙම ගෞරවනීය පුරවැසිභාවය පිරිනමන බව පාක් වොන් සූන් පවසා ඇත.  මේ අතර ඩිජිටල් ඉලෙට්‍රෝනික පද්ධතියක් හරහා සෝල් මෙට්‍රෝපොලිටන් නගරය දැක බලා ගැනිම සඳහා ද එක්වු ජනාධිපතිවරයා කොළඹ නගර සැලැස්මේ දී එම අත්දැකීම් උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බව එහිදි ප්‍රකාශ කර තිබේ.

Related posts

අද රාත්‍රියේ සිට ලබන සඳුදා තෙක් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි..

colombotoday

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

බෙදුම්වාදය නැවත නැගී එන බව පේනවා.. විග්නේෂ්වරන්ලා ඉන්න තැන දෙමළ මිනිස්සු නෑ

colombotoday

මහින්ද අගමැති කිරීම නීති විරෝධීයි… තවදුරටත් අගමැති මමයි…

colombotoday

රණවිරුවන් නිකරුණේ රස්තියාදුකරන සී අයි ඩී යට හිටපු හමුදාපතිගෙන් කනේ පහරක්

colombotoday

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin