ArticlesColombo Today Local News

ඒකාබද්ධය ශ්‍රීපාදයට එරෙහි වෙයි !!

අඹගමුව ප්‍රාදේශීය සභාව තුනට කඩා ශ්‍රී පාද පාමුළ සීතගඟුල මාවුස්සාකැලේ සමන් දේවාලය නෝර්වුඩ් හෙවත් රජවත්ත යන ස්ථාන නන්නත්තාර කළ පළාත් සභා ඇමති ෆයිසර් ගේ ගැසට්ටුවට විරුද්ධව නඩු මගට යන්නට දැන් සියල්ල සූදානම්ය.

එහෙත් මෙම නඩුව දැමෙන එක වැලැක්වීමට ඒකාබද්ධයේ නායකයන් ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් ඇත. 2014 සිට සීමා නිර්ණ කමිටු රැස්වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මේ හැම කමිටු වල ටම බලපෑම් කරමින් තමන් ගේ ගොඩ වැඩිකරගන්නට පමණක් යෝජනා ඉදිරිපත් කළහ.විල්පත්තුවෙන් ඔබ්බට මුසලි ප්‍රාදේශීය සභාවේ ජාතිවාදී ලෙස සීමා නිර්ණ ඇතුලත් කරන කල්හි ගොළුවන් බිහිරන් සේ සිටියහ.බෝගස් වැව නන්දිමිත්‍රගම ඇතුළු සිංහල ගම්මාන වවුනියා උතුරටත් අනුරාධපුරයටත් කඩා නන්නත්තාර කරන විටද මුවින් නොබැණ සිටියහ.එහි සිංහලයන්ට තනිව අසරණ වන්නට දුන්හ.දැන් ෆයිසර් ගේ ජාතිවාදී සීමානිර්න ගැසට්ටුව නිකුත් කර අධිකරණය මගින් වාරණ ගෙනා විට (ගෙනා පුද්ගලයන් කවුරුන් වුවත් ගැසට්ටුව වැරදිය) චන්දය කල්යනවා කියා දෙස් දෙවෙල් තියති.

කොට්ඨාශ ක්‍රමය යහපත් වුවත් තවදුරටත් ලැයිස්තුවෙන් ආසන පුරවන නව ක්‍රමය නිසා ලංකාව විශාල උගුලක හිරවනු ඇත.තම ගමන්ට මෙහෙ කරවා ගනු පිණිස දේශපාලන හෙංචයියන් බිහිකරන මෙම ක්‍රමය කිසිසේත්ම ජනතාවට යහපතක් ගෙන දෙනේනේ නොවේ. අතිරේක මන්ත්‍රී වරු තුන්දහසකට අධික ගණනක් නඩත්තු කිරීමට ජනතාවට නුපුළුවන.මේ දුර්වලතා කතා කරන්නට ඒකාබද්ධය හෝ පක්ෂ දේශපාලනයෙහි නියුතු කිසිවෙක් කැමති නැත.

දුර්ධාන්ත යහපාලන රජය පෙරළිය යුතුය. ඒ සඳහා මෙම පළාත් පාලන මැතිවරණය යොදාගත යුතුය. එහෙත් ජාතිවාදී සීමා නිර්ණ නිසා තවත තවත් සිංහලයා අසරණ වන්නේ නම් මේ උලව්වෙන් ඇති ඵලය කුමක්ද. පෙර පැවති ක්‍රමය යටතේ මැතිවරණය පැවැත් වීම සුදුසු යයි නීතිපතිවරයා උපදෙස් දී ඇත. එම යෝජනාව පෙරට ගෙන මෙම රජය පරාජය කිරීම නොකළහොත් සිංහලයාගේ බලය අහිමි පළාත් පාලන ආයතන සමග ජාතික ව්‍යාපාරයට ඉදිරියට යා නොහැකිය.දයාන් ජයතිලක වැන්නවුන්ට වුවමනා මේ ටික විය හැකිය.

මතුගම සෙනෙවිරුවන්

Related posts

දකුණු පළාතේ නොදුටු සංවර්ධනයක් ආරම්භ කළා – අගමැති කියයි

colombotoday

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

colombotoday

ඕමන්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට.

colombotoday

එක රටක් එක නීතියක් වාර්තාව එනකන් ඉන්න. – අලි සබ්‍රිගේ බහු විවාහ ඉල්ලීම කැබිනට් මණ්ඩලය ඉවත දමයි.

colombotoday

“ඩයස්පොරා තහනම ඉවත් කරලා, සංහිදියාව වෙනුවෙන් වැඩ ගොඩක් කරලා.. ඒත් මානව හිමිකමුත් කඩලා” ඇමරිකාවෙන් වාර්තාවක් එයි

colombotoday

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday