පළාත් පාලන ආයතන 93ක් සදහා නාම යෝජනා කැදවීමට මැතිවරණ කොමිෂන් සභාව අද දිනයේ තීරණය කර ඇත.
ඒ අනුව දෙසැම්බර් මස 11 සිට 14 වන දා දහවල් 12.00 තෙක් නාම යෝජනා බාර ගන්නා බව කොමිසම සදහන් කරයි. අදාල නාම යෝජනාව එකී කාල සීමාව තුලදී දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන් වෙත බාර දිය යුතු බවද කොමිසම කියා සිටී.
අද පෙරවරුවේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණ ගෙන ඇත.