පළාත් පාලන මැතිවරණය දේශපාලන බල අධිකාරියේ සියළුම දෙනාගේ අවශ්‍යතාවයක් මත තම තමන්ගේ බලය වැඩි කර ගැනිමට කල්දමා ඇති බව පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.
කුමාර් ගුණරත්නම් මහතා ඒ බව පැවසුවේ අද (25) හැටන් නගරයේ පැවති විශේෂ සාකච්ජාවකදීය.
හවුල් ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ආණ්ඩුවක් නොව ජනතා විමුක්ති පෙරමුණේ දෙමළ සංවිධානයෙත් ආණ්ඩුවක් බව මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු කුමාර් ගුණරත්නම් මහතා කියා සිටියේය.
මෙම දේශපාලන බල අරගලය තුල ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවද කුමාර් ගුණරත්නම් මහතා පවසයි.
මෙම දේශපාලන අර්බුදයන් මත රෙටි ආර්ථිකය කඩා වැටි රටේ ජනතාවගේ ජිවන බර තත්ත්වය ඉහළ ගොස් ඇති බවද කුමාර් ගුණරත්නම් මහතා මෙම විශේෂ මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.