Colombo Today Local News

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමු වෙයි

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදී පවතින බව ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ මෙරට ගුවන් හමුදාවේ 70වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු අවස්ථාවේදී ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා අතර හමුව ඊයේ (03)දින සිදුවූයේ අරලියගහ මන්දිරයේදී ය.

ආරක්ෂක අංශයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය පළ කරන බවද ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා එහිදී පවසා තිබේ.

විශේෂයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාව, ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජවාරමට එරෙහිවීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ විහිදී පවතින බවද ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ඉන්දීය ගුවන් හමුදාව විවිධ පාඨමාලා ඔස්සේ මෙරට ගුවන් හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා නිරන්තර සහයෝගය ලබාදෙයි.

ඒ අනුව ආරක්ෂක අංශයෙන් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බවද ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං මහතා ප්‍රකාශකර ඇත.

Related posts

කුලියාපිටියේ ග්‍රාම නිලධාරී වසම් 63ක අගුලු අරි

colombotoday

“හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමටනම් ගමේ බලයත් එජාපයට දිය යුතුයි” – අගමැති

colombotoday

මහේෂ් සේනානායකගේ පක්ෂේ කචල්. නාමයෝජනා අවලංගු වෙන ලකුණු

colombotoday

විදෙස්ගත වන අයට සිවුවෙනි මාත්‍රාවක්

colombotoday

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

රවීගේ විශ්වාසභංගය විවාදයට ගන්න යද්දී මැතිසබේ මයික් කැඩෙයි.. විවාදය කල් යයි

colombotoday