Colombo Today Local News

නවීන කෘෂි තාක්ෂණය ගැන කෘෂිකර්ම උපදේශකවරුන්ට නැවත පුහුණුවක්..

කෘෂිකර්ම උපදේශකවරුන්ට නැවත පුහුණුවක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සඳහන් කළේ, නවීන කෘෂි තාක්ෂණය පිළිබඳ ඔවුන්ට දැනුවත් භාවයක් ලබා දීම එහි අරමුණ බවයි.

පළමු අදියරේදී කෘෂිකර්ම උපදේශවරුන් 900 දෙනෙකු මේ සඳහා තෝරා ගෙන තිබේ.

ඔවුන්ගේ පුහුණු වීම් අද සිට දිවයිනේ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන 07කදී සිදු කෙරෙනු ඇති.

ලේකම්වරයා සඳහන් කළේ , නවීන වගා ක්‍රම, පසු අස්වනු හානිය අවම කිරිම පිළිබඳව මෙන්ම කෘෂිකර්ම අණ පනත් පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබා දීම මේ වැඩසටහන හරහා සිදු කෙරේ.

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන නවීන කෘෂිකාර්මික දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට මෙමගින් හැකිවන බව ද ලේකම්වරයා පැවසුවේ ය.

Related posts

සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණයි.

colombotoday

අද රාත්‍රී 8ට පෙර අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝග..

colombotoday

මැයි රැලියෙන් පසු මහ පෙරැළියක් !

colombotoday

හදිසියක් නම් අමතන්න ලිට්රෝ සමාගමෙන් අංකයක්

colombotoday

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

සීනි පාලන මිල අද සිට ඉවතට | සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර

colombotoday