Colombo Today Local News

ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටෙයි

පවතින වියළි කාළගුණයත් සමග මෙරට ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහතවැටී ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

තාප විදුලි බලාගාර ආශ්‍රිතව සියයට 42ක සහ සුළං බලාගාර අශ්‍රිතව සියයට 02ක විදුලි බලයක්ද නිෂ්පාදනය කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම, රජය සතු අනෙකුත් බලාගාර සහ පුද්ගලික අංශයේ බලාගාර තුළින් සියයට 38 ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කරනු ලබයි.

පවතින තත්ත්වය හමුවේ විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාවයක්ද මතුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙගාවොට් 300 ක පමණ විදුලි ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට යෝජනා කරඇති අතර එහෙත් කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ මෙගාවොට් 128ක පමණ විදුලි ප්‍රමාණයක් මිලදී ගැනීමට පමණක් බව සඳහන් ය.

ඒ සඳහා අවසර ලබාගැනීමට අදාළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීම සඳහා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ හදිසි රැස්වීමක් එළඹෙන සතියේ කැඳවා ඇති බවද සඳහන් ය.

Related posts

හයිලෙවල් මාර්ගය හිරවෙයි

colombotoday

ලබන මාසයේ සිට ආහාර අඩු වැඩි නිවෙස් හඳුනා ගන්න ඇප් එකක්

Admin

පොහොට්ටුවට ඡන්දය දුන්නොත් අඳුරු යුගයක් එනවා. රනිල් යාපනයේ ජනතාව බය කරයි

colombotoday

‘බෑන්ක් ඔෆ් චයිනා‘ කොළඹ එයි

colombotoday

රජයේ සයිබීරියාව අහෝසි කරයි

Admin

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

colombotoday