මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (04) දින පොළොන්නරුව සහ සීගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබුණි.
නමුත් මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ එම සංචාරය අවලංගු කළ බවය.
එබැවින් දේශීය සංචාරකයින් සඳහා එම කලාප විවෘත බව ද මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසීය.
මේ වනවිට යුක්රේන ජාතික සංචාරකයින් 563 දෙනෙක් පමණ මෙරටට පැමිණ සිටින අතර ඔවුන්ගෙන් 5 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට පසුගියදා හඳුනාගැනිණි.