Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනපතිට

අප්‍රේල් 21 ප්‍රහාරය සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත්කළ කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනාධිපතිතුමාට භාරදීමට සැලසුම් කර තිබේ.

එම කමිටුවේ ලේකම් නීතිඥ හරිගුප්තා සේනාධීර මහතා සඳහන් කළේ, කමිටුව තෙවැනි දිනටත් ඊයේ රැස්වූ බවයි.

ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න එහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බව ඔහු ප්‍රකාශ කළේ ය.

කමිටුවේ සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේදී රැස්වූ මෙම කමිටු රැස්වීමට උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි විය.

ජනාධිපතුමා පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ය.

Related posts

විදේශීය නැව් සමාගම්වල සේවය සදහා ඉන්දීය ජාතිකයින් 151ක් දිවයිනට

colombotoday

GSP+ මේ වසර අවසානයේ ලැබෙයි – අගමැති (VIDEO)

colombotoday

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin

බදුගම හැර කලුතර දිස්ත්‍රික්කයේ අගුලු අරී

colombotoday

ගායන ශිල්පී උපාලි කන්නන්ගර ජීවන ගමනට සමුදෙයි

colombotoday