ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, ඒ වෙනුවෙන් මහජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් අද ආරම්භ කරන බවයි.
ඒ අනුව ස්ටිකර් 30,000 ක් වාහනවල හා පොදු ස්ථානවල ඇලවීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.
1929 දුරකතන අංකයට ලැබෙන පැමිණිලිවලින් සියයට 27 ක්ම ළමයින්ට එරෙහි හිංසන ක්‍රියා සම්බන්ධ පැමිණිලි බව මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ ය.