Colombo Today Local Newsextremism & terrorism activities

ගිංතොට ගිනි ඇවිළුවේ තව්හීද් ජමාත්.. හාජ්ජියාර්ලත් සම්බන්ධයි.. අසාත් සාලි හෙළිකරයි (Video)

ගිංතොට ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ ගැටුම පිටුපස දේශපාලන හස්ථයක් ක්‍රියාත්මක වූ බවත්, ගැටුම් ඇවිළවීම සදහා ‘තව්හීද් ජමාත්‘ සංවිධානය මැදිහත් වූ බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා පවසයි.

ඒ පිළිබදව සියළු විස්තර තමන් සතුවන බවත්, ගැටුම් ඇවිලවීම සදහා එම සංවිධානය විසින් ගිංතොට ප්‍රදේශයේ හාජ්ජියාර් ලා කිහිප දෙනෙකුටද මුදල් ලබා දී ඇති බවත් ඔහු කියා සිටියේය.

ගිංතොට සිදුවීමේදී බොදු බල සේනා සහ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මැදිහත්වීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවත්, උලමා සභාව හා තමන් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් සමග සාකච්ඡා කළ බවත්, ඒ පිළිබදව තව්හීද් ජමාත් අන්තවාදීන් උරණ වී සිටින බවත් අසාත් සාලි මහතා පවසයි.

මෙරට අන්තවාදය පැතිරවීම සදහා තව්හිද් ජමාත් සංවිධානයට මුදල් ලබා දෙන්නේ සෞදි අරාබිය බවද මධ්‍ය හමුවක් අමතමින් සාලි මහතා හෙළිකර සිටියේය.

“තව්හීද් ජමාත්” අන්තවාදී සංවිධානය ඇමති රිෂාද් බදුර්දීන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ලවී ඇති අතර, ගිංතොට ගැටුම ඇතිවූ අවස්ථාවේ එහි ගිය ඇමතිවරයා, අන්තර්ජාලය වෙත ඡායාරූප දමමින් මුස්ලිම් ජනතාව සිංහල ජනතාවට එරෙහිව කුපිත කරවීමට කටයුතු කළ බවටත් චෝදනා එල්ල වෙයි.

Related posts

බදියුදීන්ගේ ඉල්ලීමට ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

කතානායක හා නීතිපති ජනතා පරමාධිපත්‍ය කොල්ල කමින් ඉන්නවා

colombotoday

යාපනේ කොරෝනා අවදානමක්.. ඉන්දියාවේන් පැමිණි කොරෝනා රෝගියා වෙළදාමේ ගිහින්

colombotoday

වවුචර්පත් අහෝසියි – පාසල් සිසුන්ට යළිත් රෙදි

colombotoday

කදිරාන පාලම අසල ගං තීරයේ සහ කොල්ලුපිටිය මුහුදේ මළ සිරුරු දෙකක්

colombotoday

හකීම්,අලි ෂබ්රි ඇතුළු මුස්ලිම් මැති ඇමැතින් සමග තවුහිද් ජමාත් භූමිදානය ඉල්ලා එක පෙලට

colombotoday