හෙට (04) දිනයේදී ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 ක් තොගයක් ලැබීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලය පවසන්නේ, ඒ අනුව එම එන්නත් තොගය එක් දිනක් තුළදී මෙරටට ලබා දෙන විශාලතම එන්නත් තොගය වනු ඇති බවයි.
හෙට දිනයේ ලැබීමට නියමිත එන්නත් තොගය ද සමගින් චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් සයිනෝෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 22 දක්වා ඉහළ යනු ඇතැයි ද චීන තානාපති කාර්යාලය පවසයි.