අප ජීවත්වන පෘතුවිය තුළ මිනිස් පහස නොලබන ලද තැන් කොතෙක් තිබේද, තිබුණත් එවන් තැන් කෙතරම් විරළද? උදාහරණයක් ලෙස tristan da kana (ට්‍රිස්ටන් ඩා කනා) ලෙස හඳුන්වන දූපත ගැන සිතන්න. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ලොව දුරස්‌ථම හා හුදකලාම ස්‌ථානය මෙය බවයි. නමුත් මෙම දූපතේ මිනිසුන් 262 පමණ වාසය කරනවා, මෙම දූපතට ආසන්නම මිනිස් ජනාවාසයක් පිහිටා තිබෙන්නේ කි.මී 2000 ක් පමණ ඈතිනි. ඒ සාන්ත හෙලේනා දූපතයි මේ දූපතේ ගුවන් තොටුපළක් නොමැති නිසා ඊට ඇතුල් විය හැක්‌කේත් පිට විය හැක්‌කේත් බෝට්‌ටුවකින් පමණයි, මෙම දූපත වෙත පැමිණෙන එකම බෝට්‌ටුවත් පැමිණෙන්නේ වසර නවයකට වරකි,
නමුත් ලොව දුරස්‌ථම සහ මිනිසාගේ පහස නොලද තැන මෙය නොවේ .එම ස්‌ථානය පිහිටා ඇත්තේ පැසිෆික් මහා සාගරය මධ්‍යයේයි, මතක් කරනවිට පවා බියක් දැනෙන මහා මූසල කර්කෂ තැනක්, එය හඳුන්වන්නේ චදසබඑ බැපද (පොයින්ට් නීමෝ) ලෙසයි, එය අප ලෝකයේ දැනට සොයාගත් දුරම හා මිනිස් පහස නොලද තැන වනවාට සැකයක් නෑ, මෙම දූපතට ළඟම මිනිස් වාසය ඇත්තේ කි.මී 2689 දුරිනි ඒ ඊස්‌ටර් අයිලන්ඩ් දූපතයි ,එහි සිට බෝට්‌ටුවකින් Point nemo වෙත ළඟාවීමට නම් දින 15 කට වඩා හෝ වැඩි කලක් යාවි, නමුත් ඔබ එම ස්‌ථානයට ළඟා වූයේනම් ඔබට මිනිසුන් සිටින ළඟම ස්‌ථානය වනුයේ අන්තර්ජාතික අභ්‍යාවකාෂ මධ්‍යස්‌ථානයයි. ඊස්‌ටර් දූපත හා බලන කළ ඔබට ළඟම සිටින මිනිසුන් වන්නේ එහි සිටින ගගනගාමීන් පිරිසයි මොකද ඇතම් විට අන්තර්ජාතික අභ්‍යාවකාෂ මධ්‍යස්‌ථානය ඉතා සමීපව කක්‌ෂ ගත වනවා ඒ පෘතුවියේ සිට කිමී 416 කින් වන අවස්‌ථාද ඇත ,ඉතින් සිතා බලන්න ලෝකයේ ඇති දුරම ස්‌ථානය ගැන, මේ තැනට ගියොත් ඔබට මොන මොන සිදුවීම්වලට මූණ පාන්නට වෙයිද හිතාගන්නට නම් බෑ, එය ගුප්තයි, හුදකලායි අඳුරු මහාසාගරයේ එක් අඳුරු තැනක්’