7 April 2025
Colombo Today Local News

අගමැතිගෙන් සාක්ෂි විමසන්නේ නීතිපති පමණක් නම් බැඳුම්කර කොමිසමත් නාටකයක් වන ලකුණු !

අගමැති රනිල් වික‍්‍රමසිංහ හෙට (2017 නොවැම්බර් 20) දිනයේ බැඳුම්කර කොමිසම හමුවට කැදවා ඇත .

එහිදී අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න වීමසීම සදහා නීතිපතිවරයාම පැමිණීමට නියමිත බව දැනගන්නට ඇත .

එනිසා නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න විමසීමට නියමිතය. මේ අනුව අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම සදහා ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා ට හෝ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ට ඉඩ නොලැබෙනු ඇතැයිද පැවසේ .

විශේෂයෙන් බැදුම්කර සිද්ධිය සම්බන්දයෙන් නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන චෝදනා එල්ල වී ඇති අතර ජනාධිපතිවරයාම වරක් ප්‍රකාශ කළේ බැදුම්කර පරීක්ෂණ නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිවිල් අපරාධ පරීක්ෂණයකට පමණක් යොමු කර තිබු බවයි. තමා මේ ජනාධිපති කොමිසම පත් කරන්නේද ඒ නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ දිනවල ප්‍රසිදියේම ප්‍රකාශ කළේය .මෙවන් පසුබිමක බැඳුම්කර කොමිසමේ ශාක්ෂි විභාගය මෙහෙවන නීතිඥ මණ්ඩලය මගහැර අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න වීමසීම සදහා නීතිපතිවරයාම පැමිණීමට නියමිත බව ප්‍රචාරය වීමත් සමග මේ සම්බන්ධයෙන් බලවත් සැක සංකා පැතිර යමින් පවතී .

මේ අනුව ඇතැමුන් පවසන්නේ සාධාරණ යුක්තිය ඉටු වීම වෙනුවට මේ කොමිසමත තවත් නාටකයක් වන ලකුණු පහළ වී ඇති බවයි .

මීට පෙර අගමැතිවරයාට කලින් ප්‍රශ්න යවා දිව්රුම් ප්‍රකාශයක් මගින් පිළිතුරු ගෙන්වා ගැනීමට බැදුම්කර කොමිසම ක්‍රියා කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ බැඳුම්කර කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි ඉකුත් 02 වැනිදා දැනුම් දුන්නේය. ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම රනිල් වික‍්‍රමසිංහ යොමු කළ ප‍්‍රශ්නාවලියට පිළිතුරු ලබා දෙමින් ඉදිරිපත් කළ දිව්රුම් ප‍්‍රකාශයේ සඳහන් ඇතැම් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙසේ කැඳවීමට කොමිසම පියවර ගන්නා බව ද ඔහු දැනුම් දුන්නේය.

මෙම තත්ත්වයන් පැහැදිලි කර කොමිසම විශේෂ ප්‍රකාශයක්ද ද නිකුත් කළ අතර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි එම ප්‍රකාශය කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී සිදු කළේය .

ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සෙවීම සඳහා පත් කළ මෙම කොමිසම හමුවට සාක්කිකරුවන් 70 දෙනෙකු කැඳවනු ලැබු බවත් ඔවුන් අතුරින් කිහිපදෙනෙකු ඉතා දීර්ඝ සාක්කි ලබා දුන් බවත් ඊට අමතරව ලේඛණ 450 කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කළ බවත් ඒවායේ විශාල පිටු සංඛ්‍යාවක් අඩංගු බවත් සඳහන් කළ විනිසුරුවරයා මෙම කාර්ය නිසි ලෙස පුර්ණය කිරීමට කැපවන බවත් සඳහන් කළේය

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Related posts

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

කන්ජිපානිගේ පියාට පහරදුන් තිදෙනෙකු රිමාන්ඩ්

colombotoday

ආණ්ඩුව ගත්ත ගමන් අපේ අය හොරකම් කරන්න ගත්තා.. හොරු අල්ලන්න යනකොට ජනපතිට චෝදනා කිරීම වැරදියි – රන්ජන්

colombotoday

රුපියල නැවතත් වැටේ… ඩොලරය ඓතිහාසික වාර්තාව අදත් අලුත් කරයි…

colombotoday

මහජන අදහස් විමසීමට එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ වැඩසටහනක් වවුනියාවේදී

colombotoday

දැරියකට ලිංගික අතවර විදුහල්පතිට වසර 30ක සිර දඩුවමක්

Admin