Colombo Today Local News

මැදිරිගිරියේ අලියා දණින් වැටේ.. එජාප ප්‍රාදේශීය බලකණු බුරුතු පිටින් පොහෝට්ටුවට එකතු වේ !

මැදිරිගිරිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය ප්‍රබලයන් රැසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවෙමින් සිටින බවට වාර්තා වනවා.

මැදිරිගිරිය ආසනයේ  එජාප ප්‍රාදේශීය සංවිධායකවරුන් වන යසරත්න බණ්ඩාර, සමන්, විජයරත්න, ජයතිලක යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා හමුවී මෙලෙස පොදු ජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර ඇති අතර තවත් ප්‍රබලයන් විශාල පිරිසක් පළාත් පාලන මැතිවරණය දින නියම කිරීමත් සමග එජාපය අතහැරීමට සූදානමින් සිටින බවට වාර්තා වනවා.

පක්ෂයටත්, රටටත් අහිතකර ලෙස එජාප නායකත්වය ගෙන යන වැඩපිළිවෙලට හා මැදිරිගිරිය එජාප ආසන සංවිධායක සිඩ්නි ජයරත්න මන්ත්‍රීවරයාගේ අත්තනෝමතික ක්‍රියාකළාපයට විරෝධය පලකරමින් මෙම පිරිස එජාපයෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර, ඔවුන් සමග ගම් මට්ටමේ පාක්ෂිකයන් විශාල පිරිසක් පොදු ජන පෙරමුණට සහය දක්වීමට නියමිත බව සදහන් වනවා.

වත්මන් ජාතික ආණ්ඩුව තුළ එජාප පාක්ෂිකයා දැඩි ලෙස අසාධාරණයට ලක්වී සිටින බවත්, මේ හේතුවෙන් එජාප පාක්ෂිකයන් නායකත්වය සහ පක්ෂය පිළිබදව දැඩි කලකිරීමකට හා අපේක්ෂා භංගත්වයකට පත්ව සිටින බවත් ඔවුන් පවසති.

පක්ෂය වෙනුවෙන් කැප වූ ප්‍රබලයන් හා පාක්ෂිකයන් රැකගැනීමටවත් හැකියාවක් නැති ආසන සංවිධායකවරුන්ට හා පක්ෂයකට කිසිසේත්ම රට ගොඩනැගීමේ හැකියාවක් නොමැති බවත්, පවතින තත්ත්වය තුළ මැදිරිගිරිය ආසනය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති බවත් එජාප ප්‍රාදේශීය සංවිධායකවරුන් පවසති.

Related posts

“අපිට 113 නැතිනම් බලෙන් ඉන්නේ ඇයි?” – වෙල්ගම ප්‍රශ්න කරයි.

colombotoday

සේනා ආක්‍රමණය පිටුපස ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම…

colombotoday

රූමිට මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කරලා.. බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි.

colombotoday

වසර පහකට අත්හිටවූ සිරදඬුවමට එරෙහිව ඇමති ප්‍රසන්නගෙන් අභියාචනයක්

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් සර්වාගමික සමුළුව කොළඹදී !

colombotoday

“අමු ආගම්වාදියෙක්.. නිවටයෙක්..” – මරික්කාර් ගැන කොලොන්නාවේ එජාපයේ අය කියන කතා (Video)

colombotoday