Colombo Today Local News

උතුර – නැගෙනහිර ඒකාබද්ධ කළොත් නැගෙනහිර ලේ ගංගා ගලයි – මුස්ලිම් ඇමතිලා අනතුරු අගවයි

උතුර හා නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කළහොත් නැගෙනහිර ලේ ගංගා ගලා බසිනු ඇති බව පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම් . හිස්බුල්ලා මහතා පැවැසීය.

(8) පාර්ලිමේන්තුවේ පැවැති ව්‍යවස්ථා සම්පදන මණ්ඩලයේ දී ව්‍යවස්ථා‍ අතුරු වාර්ථාව ගැන අදහස් දක් වමින් ඔහු මෙසේ කීය.

උතුර හා නැගෙනහිර එකතු කිරීමෙන් ජාතික ප්‍රශ්නයට විසදුමක් නොලැබෙන බවත් එවැනි ඒකාබද්ධ කිරීමක් සිදුවන ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් එය කවදාවත් මුස්ලිම් ජනතාව අනුමත නොකරන බවත් හෙතෙම මෙහිදී සඳහාන් කළේය.

1987 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දු ලංකා ගිවිසුමට අනුව එක රාත්‍රියෙන් උතුර හා නැගෙනහිර එකතු කළ බැවින් නැගෙනහිර මුස්ලිම් ජනතාව සුළු ජාතියේත් සුළු ජාතියක් බවට පත් වූ බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට නැගෙනහිර පළාතේ දෙමළ හා මුස්ලිම් ජාතීන් මාරුවෙන් මාරුවට මහ ඇමැති පදවිය දරා ඇති අතර ජාතින් තුනම නියෝජනය වන පරිදි පළාත් අමාත්‍ය මණ්ඩලයක් ඇති ඇති වී තිබෙන බවද මෙවැනි විශේෂ තත්ත්වයක් වෙන කිසිදු පළාතක නැති බවද හෙතෙම පැවැසීය.

Related posts

මාලදිවයිනත් ශ්‍රී ලංකාවක් වෙයි

Admin

“ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ණය ගන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්” – හිටපු ජනපති

colombotoday

රනිල්ගේ යෝජනාවක් අහෝසියි

Admin

2020 දී ‍පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – රාජිත සේනාරත්න

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානය කල හැකි තවත් භූමියක් තෝරා ගනී

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් සමඟ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑ 4ක් අත්අඩංගුවට

Admin