Colombo Today Local News

ෆෙඩරල් හැර වෙන විසදුමක් නෑ – විග්නේෂ්වරන්

දෙමළ ජනතාවගේ අයිවාසිකම් දිනාගැනීමටනම්  ෆෙඩරල් ක්‍රමය හැර අන් මගක් නැතැයි උතුරු පළාත්  ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්  මහතා පවසයි.

උතුරු පළාත් මහ ඇමැති කාර්යාලයෙදී ඊයේ(8) පැවැති මාධ්‍ය හමුවේදී ව්‍යවස්ථා අතුරු වාර්ථාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

ඒකීය රාජ්‍යය තුළින් තමන්ට කුමක් දුන්නත් කුමක් වුවත් බහුතරයේ  බලය නිරතුරුවම සුළුතරය අභිබවා  ඉහළ මට්ටමක තිබෙන බව ද ඔහු පැවැසීය.

දෙමල ජනතාවට අවශ්‍ය බලය නිසි පරිදි  ලබා දෙන්නේ නම් දෙමල ජනතාවට රට හැර යාමේ අවශ්‍යතාවක් නොමැති බව පැවැසූ මහ ඇමැති වරයා එම බලය ලබා ගැනීමේ එකම ක්‍රමය ෆෙඩරල් ක්‍රමය බව අවධාරණය කළේය. “අපේ ප්‍රශනය ගැනත් අපේ ප්‍රශ්නය වසඳන විදිහ ගැනත් අපි පැහැදිලි අවබෝධයකින් ඉන්නේ. රජය සමහර දේවල් අපිට දීලා තියෙනවා. නමුත් ඒ දේවලින් අපට සෑහීමකට පත් වෙන්න පුලුවන් කමක් නෑ”. යනුවෙන්ද විග්නේශ්වරන් මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

 

Related posts

“අපි දුන් උපදෙස් පිළිපැද්දා නම් මෙතරම් හානියක් නෑ“ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

colombotoday

“මැච් එකෙන් 3/4 ඉවර කලේ Maxxwell නෙමේ, මම” – චන්ද්‍රිකා

colombotoday

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

Admin

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වෙනවා – මැකෝ කියයි

colombotoday

කොරියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday

ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ට පන්න පන්නා පොලිසියෙන් ප්‍රහාර

colombotoday