Colombo Today Local News

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු නියෝජිත පරිසක් අද මියන්මාරය වෙත පැමිණියේය.

ශ්‍රි ලංකාව හා මියන්මාරය අතර අනාදිමත් කාලයක් තිස්සේ පවතින ථෙරවාදී සම්බන්දතා වත්මන් තත්වය තුල වඩාත් ඵලදායි මට්ටමකට ගෙන ඒමට බොදු බල සේනා සංවිධානය මියන්මාර් බෞද්ධ සංවිධාන සමග ඉතා සමීපව කටයුතු කරනු ලබන අතර මේ පිලිබඳව ඉදිරි කටයුතු සංවිධානය කිරීම උදෙසා මියන්මාරයේදී සාකච්චාව වට කිහිපයක් පැවැත්වීමට අපේක්ෂිත බව එම සංවිධානය පවසයි.

2017නොවැම්බර් මස 8 සිට 13 දක්වා මියන්මාරයේ පැවැත්වෙන මෙම සාකච්චා වටයන් සදහා බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් සහභාගී වනු ඇත.

රෝහින්ග්‍යා අර්බුදය පිලිබඳව සත්‍ය තොරතුරු සොයා බැලීම මෙන්ම බෞද්ධ අයිතිවාසිකම් සුරකමින් වඩාත් ඵලදායි සංහිඳියාවක් ඇතිකිරීමට ඇති අවස්ථා පිලිබඳව සාකච්චාව කිරීමටත් මෙහිදී කටයුතු කරනු ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.

මෙම සංචාරයට මධ්‍යවේදීන් පිරිසක්ද එක්ව සිටී.

Related posts

ජනාධිපතිතුමාගේ ඔලුවේ අසූචි දාන්න ආවොත් එජාපයට හොද පාඩමක් උගන්නනවා !

colombotoday

ලබන අප්‍රේල් තෙක් බිත්තර ආනයනයට අවසර

Admin

හමුදා රාජකාරියේ සිටිමින් දේශපාලන වැඩ.. ෆොන්සේකාගේ පට්ටම අනතුරේ

colombotoday

බැසිල් හා සිරසේ සංඛ්‍යාත හොරකම

colombotoday

දෙමටගොඩ චමින්දගේ මවට බන්ධනාගාරය තුළ හෙරොයින් අලෙවියට පහසුකම් සැපයූ වූ නියාමකවරියක් කොටු

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday