Colombo Today Local News

“බැඳුම්කර වංචාවට සම්බන්ධ ආණ්ඩුවේ අය මට ගහනව.. සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්න බෑ” – ජනපිත

බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දුෂණ පිටුදැකීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිවරයා පවසයි.

අද (08)පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ඒ සඳහා වැරදිකරුවන් වන සියලූ දෙනා වගකිව යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා පැවති දුෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සඳහා වූ ඉතා පවිත‍්‍ර චේතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගාගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි නැවත සිදුකිරීමට නොවන බව ද අවධාරණය කළේය.

සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන සංකල්පය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සියලූ දෙනා කැපවිය යුතු අතර, එහිදී නීතියේ ආධිපත්‍යය ද සැමට සමාන විය යුතු බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මකවීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

colombotoday

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

colombotoday

ආණ්ඩුකාර සාලි අනුලා විදුහලට පනී… විදුහල්පතිනියට තග දමා දහම් පාසැලක් බලෙන් අරී.. අනුලාවෝ විරෝධතාවයේ…

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයේ මොළය ජීවානුහරණය කරගත් නිලධාරීන් චීන කක්කුසියේ රස බලන්න තවත් රසායනාගාර පරීක්ෂණ කරනවා

colombotoday

බැදුම්කර වාර්තාව හා ජනපති ප්‍රකාශය පරස්පරයි.. රවී කරුණානායකත් විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

රජයේ සේවකයන් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි

colombotoday