මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ආරක්ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් හදුන්වාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා පවසයි.
රටේ පවතින විදේශ විනියමය හිඟය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන කාඩ්පත් හිඟයකට මුහුණ දී සිටින නිසා රියදුරු බලපත්‍ර කාඩ්පත වෙනුවට වසරක තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් කියයි.