Colombo Today Local News

විමල්-උදය අයින් කළහම තුන්වැනියා ඉබේම යයි කියලා හිතුවා

වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයාද ඉබේම ඉවත් වනු ඇතැයි යන අදහසින් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවේ ඊයේ (8)දින ප්‍රකාශ කර තිබේ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් ඇමැතිවරයා පවසා ඇත.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදී නැගුණු ප්‍රශ්න කිරීම්වලදීය.

‘‘දේශපාලනය සහ ආණ්ඩු කිරීමේදී යම් යම් තීන්දු ගැනීමට සිදුවෙනවා. එම ඇමැතිවරුන් සමග සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඉවත් කළේ නැත්තේ ඇයිදැයි අහනවා. අපි හිතුවේ තුන්වැනියා ඉබේම ඉවත් වෙයි කියලා. ඔවුන් ඉවත් වූවා කියලා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නොමැති බව’’ මුදල් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
එහෙත් අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවන බවද ඔහු පැවැසුවේය. ඉවසීමෙන් වැඩ කරන ලෙසත්, අගමැතිතුමාගෙන් දේශපාලන ඉවසීම ගැන ගොඩාක් ඉගෙන ගත හැකි බවත් ඇමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේය.

Related posts

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

colombotoday

බොදු ජන පෙරමුණ වෙනුවට සිංහලේ මහජන පෙරමුණ එයි?

colombotoday

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට යෑමට සූදානම් !

colombotoday

ජල නල පද්ධතිය අලුත් වැඩියා කරමින් සිටි අයෙක් අඩි 40 ක ඉහළින් වැටී මරුට

Admin

උදයංග වීරතුංගට ඇප

colombotoday

ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !

colombotoday