Colombo Today Local News

ඉඩම් නිදහස් කරන්න ඉල්ලා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පවරාගෙන ඇති ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා ඊයේ (05) පලාලි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණි.

විරෝධතාවයට එක්වූ පිරිස පැවසූවේ තමන්ගේ මුල් ඉඩම් ආරක්ෂක අංශ වෙත පවරා ගැනීම හේතුවෙන් තමන් වසර 27 ක් අවතැන් කඳවුරු තුළ ජීවත්වන බවයි.

යාපනය වලිකාමම් උතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජීවත් වූ පවුල් විශාල පිරිසක් තවමත් යාපනය ප‍්‍රදේශයේ අවතැන් කඳවුරු තුළ ජීවත්වන බවද අදාළ පිරිස පැවසූහ.

වර්තමානයේ යුද්ධයක් නොමැති බැවින් ආරක්ෂක අංශ පවරාගෙන ඇති තමන්ගේ මුල් ඉඩම් නිදහස් කළ යුතු බවට විරෝධතාකරුවන් ඉල්ලා තිබේ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විරෝධතාකරුවන් හමුවීමට පැමිණි අතර, එහිදී ජනතාව තමන්ගේ ගැටළුව සම්බන්ධයෙන් යාපනය ආඥාපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කෙරිණ.

යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංගජන් රාමනාදන් මහතා අදාළ විරෝධතාවයට එක්ව සිටි අතර මන්ත‍්‍රීවරයා පැවසූවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකොට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.

Related posts

මාලබේ ට්‍රැෆික් OICට මරණීය තර්ජන කල සැරයන් රිමාන්ඩ්

Admin

ආහාර උද්ධමනයෙන් ලංකාව දැන් 10වන තැනට

Admin

දක්ෂිණ අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

colombotoday

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ශ්‍රීලනිපයත් පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින් එයි !

colombotoday