Colombo Today Local News

5412 ක් යුද හමුදාවෙන් ඉවත්වෙන්න ඉල්ලයි !

යුද හමුදා පොදු සමාකාලයට අදාළව මේ වන විට නිලධාරීන් සෙසු නිලයින් 5412 දෙනෙකු ඔවුන්ගේ නිත්‍යානුකූල සේවයෙන් ඉවත් කිරීමේ කටයුතු සඳහා අදාළ රෙජිමේන්තු මූලස්ථාන වෙත වාර්තා කර ඇතැයි යුධ හමුදා මූලස්ථානය පවසයි.

යුධ හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අයවලුන් වෙනුවෙන් 2017 නොවැම්බර් මස 15 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති දින 24 ක පොදු සමා කාලයට අදාළව ඔවුන් සිය රෙජිමේන්තු මූලස්ථානයට වාර්තා කර ඇත.

නිලධාරින් 6 ක්, කෙඩෙට් නිලධාරින් 6 ක් සහ සෙසු නිලයින් 5400 ක් පොදු සමා කාලය බලාත්මක කරන ලද ඔක්තෝබර් 23 දින සිට නොවැම්බර් 06 (සඳුදා) දින දක්වා ඔවුන්ගේ නිත්‍යානුකූල අස්කිරීම් කටයුතු සඳහා මෙසේ යුද්ධ හමුදාව වෙත වාර්තා කර තිබේ.

Related posts

අධිකරණ ඇමති තලතා.. බුද්ධශාසන ඇමති ගාමිණී ජයවික්‍රම – අද දිවුරුම් දෙයි

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

colombotoday

වල්සපුගල ගොවීන් ඇරඹු මාරාන්තික උපවාසය අඛණ්ඩව.

colombotoday

මෛත්‍රී – මහින්ද ඝාතන සැලසුම ගැන කී ඉන්දියානුවා මානසික ලෙඩක් – ඉන්දීය තානාපති කාර්යාලය කියයි

colombotoday

ගාස්තුවකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 5ක් අලුත් කිරීමට අවස්ථාව

colombotoday

“ඇමති මණ්ඩලේ බාගෙකට බැස්සුව නිසා, නොගැළපෙන විෂයනුත් දෙන්න වෙනවා“ විද්‍යාත්මක ඇමති බෙදිල්ල ගැන SF විග්‍රහය

colombotoday