තම ඉල්ලීම් දිනාගැනීම සදහා දරන උත්සාහය අසාර්ථක වුවහොත් ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සදහා මැදිහත් කරවීමට කටයුතු කරන බව ගෝලීය දෙමළ සංසද ප්‍රධානී එම්මානුවෙල් පූජකවරයා පවසයි.
ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව සිය ට්වීටර් ගිණුමේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
නව ව්‍යවස්ථා සම්පාදනය ක්‍රියාවලිය සහ සංහිදියා වැඩපිළිවෙල පිලිබදව සෙයා බැලීම සදහා එම්මානුවෙල් පූජකවරයා පසුගිය මස මෙරට සංචාරයක යෙදුණු අතර හිටපු ජනාධිපතිනිය ඇතුළු රජයේ ඉහළපෙලේ බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීය.