Colombo Today Local News

හරවා යැවූ IOC බාල තෙල් නැව ත්‍රිකුණාමලයෙන් ගොඩ බෑමේ සූදානමක්.. රටේම වාහන අනතුරේ !

ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කර ප්‍රතික්ෂේපිත තෙල් නැව ගොඩබෑමේ උත්සාහයක නිරත වන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ලංකා ඛණිජතෙල් පොදු සේවක සංගමය පවසයි.

එම නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ නවතා තිබීම නිසා මෙම සැකය මතුවන බව   සංගමය සඳහන් කරයි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇනවුම් කර ඇති තෙල් නැව ප්‍රමාද වීමට හේතු සොයාබලා එම ප්‍රමාදයෙන් සිදුවන හානි පූරණයට ද පියවර ගත යුතු බව සංගමයේ ලේකම් ඩී.ජේ රාජකරුණා පැවසීය.

සියයට 20ක පමණ කොටසක් හිමි ලංකා ඉන්දියන් තෙල් සමාගම මෙලෙස බලපෑම් ඇති කරන්නේ නම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්පූර්ණයෙන්ම ඔවුන්ට ලබාදුනහොත් අනිටු පළවිපාක ඇති විය හැකි බවත්, මේ සියලූ කරුණු දක්වා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාට තම සංගමය ලිපියක් යොමු කළ බවත් ඔහු සඳහන් කළේය.

Related posts

වෙඩි තැබීමකට වනජිවි නියාමකවරුන් දෙදෙනක් අත්අඩංගුවට

colombotoday

“රට ඇතුලේ කවුරු කෑ ගැහුවත් වැඩක් නෑ.. මුළු ලෝකයම අපේ රජයට ආශිර්වාද කරනවා” – ජනපති

colombotoday

හල්දුම්මුල ප්‍රාදේශීය ලේකම් වරයා අත්අඩංගුවට

colombotoday

ගෝඨගේ ටී පාටියටත් වඩා වියදම් වුණ අනුරගේ ටී පාටිය

Admin

ඉතාම ආදරයෙන් මිනිස්සු අපිව පිලිගන්නවා. අපිව දැක්කහම ලගට දූ…වගෙන එනවා

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු

colombotoday