නව නාවික හමුදාපති වශයෙන් රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
රණසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අතර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21වැනි නාවික හමුදාපතිවරයා වෙයි.
හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතාට සේවා දිගුවක් ලබා දීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු සේවයෙන් ඉවත් වන්නේ ලංකාවේ අඩුම කලක් නාවික හමුදාපති ධුරය දැරූ නිලධාරියා ලෙස වාර්තා අතරට එක්වෙමිනි.
හිටපු නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප වී ඇත්තේ රුසියාවෙන් මිලදී ගැනීමට සූදානම් වන යුද නෞකා ගණුදෙනුවට ඔහු දැඩි ලෙස විරෝධය පලකිරීම නිසා යැයි මාධ්‍ය වාර්තා පළවී තිබිණි. එම ගනුදෙනුවට මෙරට ප්‍රකට මධ්‍ය ආයතනයට හිමිකරුවෙක් සහ ජනාධිපතිවරයාගේ බෑණනුවන්ද සම්බන්ධ බවත් ඒ හරහා දැවැන්ත අක්‍රමිකතාවක් සිදුවෙමින් පවතින බවත් එක්සත් ජාතික පක්ෂයට හිතවත් මාධ්‍ය වාර්තා හෙලිකර තිබිණි.