Colombo Today Local News

ලිබියාවේ මැතිවරණ නිරීක්ෂණයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉල්ලයි

එළැඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ලිබියානු ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණය සඳහා මෙහෙයුම් කණ්ඩායමක් යොමු කිරීම පිළිබඳ සලකා බලන ලෙස ලිබියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, ලිබියානු තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරී ඒ.එම්. මුෆ්තා මහතා පසුගිය පළමු වැනිදා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමුවූ අවස්ථාවේ මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලිබියාව දරන ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාව සහයෝගය දක්වන බවත් මෙම ඉල්ලීම පිළිබඳව සලකා බලන බවත් එහිදී විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අතර ලිබියාවේ වර්තමාන තත්ත්වය සහ විශේෂයෙන් 2021 මාර්තු මාසයේ සිට බලයේ සිටින අතුරු භාරකාර රජයේ කාර්යභාරය පිළිබඳව ලිබියානු කාර්ය භාර නිලධාරිවරයා මෙම හමුවේදී කරුණු පැහැදිලි කර තිබේ.

ලිබියාව සමග තේ, මැණික් හා ස්වර්ණාභරණ සහ සංචාරක කටයුතු ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට ද මෙම හමුවේදී එකඟතාව පළ වී ඇත.

Related posts

ජර්මන් පුරාවිද්‍යාඥයින් සමග ඒකාබද්ධව පබළුගල විශේෂ කැනීමක්

colombotoday

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin

කොරෝනා ආසාදීතයින් ගණන තවත් ඉහළට

colombotoday

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday

ජනමතවිචාරණයක් එයි.. මෛත්‍රී – රනිල් හවුල 2025 දක්වාම ආණ්ඩුකරන යෝජනා ඇතුළත්කර ව්‍යවස්ථාව සම්මතකරගන්න යයි !

colombotoday