Colombo Today Local News

තාරකා දෙකක් ගැටීමෙන් විශ්වයම සෙළවෙයි.. ඊයේ වූ මහ පිපිරුමට හේතුව මෙන්න (Video)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ ඇසුණු දැඩි ශබ්දය හා ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක් හේතුවෙන් සිදුවූවක් විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ අචාර්ය චන්දන ජයරත්න මහතා පවසා තිබේ.

ඊයේ රාත්‍රී 8.00ට පමණ පිපිරුම් හඬක් සමග මෙම අලෝකය දැකගත හැකි වූ බව මාතර, ගාල්ල හා හම්බන්තොට ප්‍රදේශවලින් වාර්තා වූ අතර, අනුරාධපුර, ඇඹිලිපිටිය, වැනි ප්‍රදේශවලට ද මෙය දැනී ඇති බව වාර්තා වෙයි.

පෘථිවිය මේ දිනවල කක්‍ෂගතව ඇත්තේ ඔරියොනිඩ් උල්කා පද්ධතියේ ගමන් මාර්ගය අතරිනි. වසර 76 කට වතාවක් හිරු දෙසට එන හේලීගේ වල්ගා තරුවෙන් අවකාශයට මුදාහැරෙන විවිධ ප්‍රමාණයේ ග්‍රහ වස්තු කැබලි සිය දහස් ගණනක වළාකුලක් ආකාරයෙන් මෙම උල්කාෂ්ම පද්ධතිය සෑදී තිබේ.

එම කලාපය අතුරින් පෘටිවිය ගමන් කරද්දී විවිධ ප‍්‍රමාණයේ කොටස් පෘථිවා වායු ගෝලයට ඇතුළු වී විනාශ වෙයි.

මේ වසරේදී ඔරායනිඩ් උල්කාපාත වැස්ස ඉහලම තීවෘතාවකින් පෘථිවියට එන්නේ අද සිට ඉදිරි දින තුන දක්වා කාලයේදීය.

මේ අතර නාසා ආයතනය හෙලි කරන්නේ අධික වේගයෙන් තාරකා දෙකක් ගැටීම නිසා විශ්වයම සෙලවීමකට ලක්ව ඇති බවයි.

පෘථිවියට ආලෝක වර්ෂ 130ක් පමණ ඈතින් සිදුව ඇති මෙම ගැටුම නිසා සමස්ථ විශ්වයේම ගුරුත්වාකර්ෂණ තරංග පහත වැටී ඇති බවද ගැටීම නිසා ගැමා කිරන නිකුත් වී ඇති බවත් ඔවුන් සදහන් කරයි.

Related posts

ගුරුකන්ද නාහිමි ආදාහනය සිදුකිරීමෙන් අධිකරණයට අපහාස කලා. ඥානසාර හිමිට නොතීසි

colombotoday

අන්තවාදී සංවිධානවලට තවදුරටත් ඉඩක් නෑ.. ජනතාවට සැබෑ නිදහස ලබාදිය හැක්කේ ආර්ථික-සමාජ උවදුරු දුරලීමෙන්

colombotoday

මොරටුව – පිටකොටුව මාර්ගයේ බස් රථ වර්ජනයක්

Admin

කුකුලෙක් ළිදට වැටුනැයි උරණවී බෝතලයකින් ඇනලා

Admin

එජාප මන්ත්‍රීවරු 8ක් තනතුරු වෙනුවට කෝටි 50 බැගින් ඉල්ලයි

colombotoday

මස් කර්මාන්තශාලාවට මම ගියේ ආරාධිතයෙක් විදිහට. මේක මඩක් මම නිර්මාංශිකයි – නාමල්

colombotoday