Covid 19

ඒකල කර්මාන්ත ශාලාවක 39කට කොවිඩ්

ඒකල කර්මාන්ත ශාලාවක කරනු ලැබූ පීසීආර් පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පවසයි.

ඊයේ(28) මෙම කර්මාන්ත ශාලාවේදී පීසීආර් පරීක්ෂණ 133ක් සිදු කර ඇති අතර අද (29)දින ඔවුනගෙන් 39 දෙනකු කොවිඩ් 19 ආසාදනය වුවන් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ගත් බව විජේසිංහ මහතා පැවසීය.

එම ආසාධිතයන්ගෙන් බහුතරය ජා-ඇල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්ද මෙම ආසාධිතයන් අතර සිටින බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

විශේෂයෙන් ප්‍රදේශයේ පුද්ගලයන් තම සංචරණ කටයුතු සීමා නොකර නත්තල් උත්සව සමයේ සාද පවත්වමින් කටයුතු කිරීම මෙම තත්ත්වය ව්‍යාප්ත වීමට හේතුවක් වු බවත් මේ නිසා ප්‍රදේශයක් ලෙස ජනතාව මීට වඩා සැලකිලිමත් ව කටයුතු නොකලහොත් ජන ජීවිතය වඩාත් පීඩාකාරී වනු ඇතැයිද ජා-ඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

බන්ධනාගාර කොරෝනා පොකුර 156 දක්වා ඉහළට

colombotoday

ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම්. | මුලින්ම හිමිවන අය මෙන්න

colombotoday

නව ආසාදිතයින් 342ක් – මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර 18,000 ඉක්මවයි

colombotoday

වෙන්නප්පුව පොලිසියේ 16කට සහ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොවිඩ්.

colombotoday

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8ට කොවිඩ්

colombotoday