Colombo Today Local News

නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙක් රිමාන්ඩ් !

හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ, ඞී.වී. චානක, ප‍්‍රසන්න රණවීර ඇතුළු හය දෙනා ලබන 16 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

හම්බන්තොට වරායල මත්තල ගුවන් තොටුපල ඇතුළු රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව පසුගිය සිකුරාදා දිනයේ හම්බන්තොටදී විරෝධතා පැවැත්වූයේ යයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මොහුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හම්බන්තොට මූලස්ථාන පොලීසිය විසින් අද කැදවා තිබූ අවස්ථාවේදීය.

අදාල මන්ත‍්‍රීවරුනට එදින හම්බන්තොට ප‍්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙස අධිකරණ වාරන නියෝගයක්ද නිකුත් කර තිබින.

Related posts

අගමැති රනිල්ට විරෝධය පෑ කොටි හිතවාදීන් හතරක් ත්‍රස්ත නීති යටතේ බ්‍රිතාන්‍ය අත් අඩංගුවේ

colombotoday

ඇමෙරිකාවේ නව ජනපතිට සහ උප ජනපතිට අගමැතිගෙන් සුබපැතුම්

colombotoday

බස්නාහිර පළාතට, ඇහැලියගොඩ, කුරුණෑගල නගර සීමාවට, කුලියාපිටියට ඇඳිරිනීතිය දිගටම

colombotoday

‘හිටපු කොටි ක්‍රියාකාරීන් සියල්ල අපේ පක්ෂයට බඳවාගන්නවා‘ – සුමන්තිරන්

colombotoday

ගෝඨාභය ජනපතිට, මහින්ද අගමැතිට, අලි සබ්‍රි ඇමතිට තවුහිඩ් ජමාත් උත්තමාචාරය.

colombotoday

නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට..

colombotoday