Colombo Today Local News

කරපු වැඩකුත් නෑ.. උමා ඔය සහන අරමුදලෙන් රු මිලියන 500ක් ඉවර වෙලා !!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධූරය දරණ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් බදුල්ල උමා ඔය සහන ගිණුමට යොමු කළ රු. මිලියන 500 ක මුදල අවසන්ව ඇති අතර මුදල් නොමැතිකමින් කප්පාදු කළ නිවාස කුලිය, ජල බවුසර රියදුරු වැටුප් හෝ ගෙවා දැමීම ප්‍ර‍ශ්නයක් බවට පත්වී ඇත.

කුඩාරමක්, ටකරං මඩුවක්, වැසිකිළියක්, තාවකාලික නිවසක්, විකල්ප මාර්ගයක්, ඉදිකර නොමැති නමුත් අරමුදලේ මුදල් අවසන්වීම විමතියකි. කැබිනට් තීරණ අනුව රු. 25,000 දක්වා වැඩි කළ නිවාස කුලී දීමනාවක් ලබා දී නාය යාමේ හා ගිළා බැසීමේ අවදානම සහිත ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමට තීරණය කර ඇති නමුත් එකම පවුලකට හෝ රු. 15,000ට වැඩි නිවාස කුලියක් ගෙවා නැත.

බදුල්ලේ නාය යාම් අවදානම සහිත කලාපයේ 145,000 ක් ජීවත්වෙති. ඔවුන්ගෙන් බහුතරයක් උමා ඔය ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් වූවෝ වෙති. උමා ඔය උමගෙන් ජලය කාන්දුවනවාට වඩා වේගයෙන් මේ වන විට උමා ඔය සහන ගිණුමට මුදල් ගලමින් ඇති නමුත් විපතට පත්වූවන්ට වෙනදා ලැබුණු සහන පවා අහිමි වෙමින් තිබේ.

Related posts

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

දේශබන්දුට එරෙහිව තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Admin

හෝමාගම බස් රථයක් අනතුරකට

Admin

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

colombotoday

ජනපතිට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ වැරදි කථානායක සජිත්ට පෙන්නයි

colombotoday

නියෝජ්‍ය ඇමතිධූර ගණන 25ට වඩා වැඩි වෙයි

Admin