ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු නියෝජිත පිරිසක් හෙට (11) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.
මෙහිදී යෝජිත නව ව්‍යවස්ථාවේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු දැක්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා විමල් වීරවංශ, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභිකයන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න, මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු සහභාගි වෙතැයි පැවසේ.