Colombo Today Local News

“ඉරාජ්.. මොකද්ද යෝදයෝ උඹ මට මේ කළේ” – විල්සන් කරු

පසුගියදා ඉරාජ්ගේ ආන්දෝලාත්මක වීඩියෝව සඳහා රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න එම වීඩියෝවට රංගනයෙන් දායකවීම පිළිබඳව කණගාටුවන බව පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශකර තිබේ.

එම සාකච්ඡාවේ ඔහුගේ  අදහස් ප්‍රකාශය පහත දැක්වේ.

ඉතින් කොහොමද?
අපේ සැපදුක සොයන්න එන්නේ අපිට ඉතින් මඩක් වැදුනොත් තමයි නේද?….

මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?
අප්පේ අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාල බැණුම් කෝටියක් අහගෙන ඉන්නවා.

ඔබ වැනි සිනමාවේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් මේ වගේ මියුසික් වීඩියෝවල රඟපාන්න ගියේ ඇයි?
ඇත්තටම ඔය වීඩියෝ එක ප‍්‍රචාරය වෙනකම් මම ඔහොම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඉරාජ් මාස ගාණක්ම ඕකට නළුවෙක් සොයලා තියෙනවා. ඉරාජ්ම තමයි ගායකයට කියලා තියෙන්නේ අපි මේකට කරු අයියව ගමු කියලා. මට කතාකළාම එතනට යනකම් මේක ඉරාජ් කරන වීඩියෝ එකක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. රූගතකිරීම් කරන කොට මමත් මොකද්ද මේ වෙන්නේ කියලා බලාගෙන හිටියා. මම එතකොටත් කිව්වා අර කේස් එකනේ මේ යන්නේ මට නරක නාමයක් ඒවිද දන්නේ නැහැ කියලා. ඉරාජ් කිව්වා කාගෙවත් නමක් සඳහන් වෙන්නේ නැහැ බය නැතුව කරු අයියා රඟපාන්නකෝ කියලා.

ඒ කියන්නේ රෝල් එක කරන්න ඔබ බය වුණා?
බයකට මම එහෙම කිව්වෙ නැහැ. නමුත් මේ සිංදුවෙන් නිගාවෙන්නේ මම ළඟින්ම ඇසුරු කරපු මගේ මිත‍්‍රයෙකුට මේ වීඩියෝ එකක් නිසා ඔහු මාත් එක්ක අමනාප වේවි කියලා පොඩි චකිතයකුත් හිතේ තිබුණා. ඒත් එයාට නෙමෙයි මේ විඩියෝ එක හදන්නේ කියලා ඉරාජ් කියපු නිසා මමත් එච්චර හිතුවෙ නැහැ. මම රඟපෑවා. අන්තිමට හෙන අවනඩුවක්නේ මට වුණේ.

 වීඩියෝ එක ප‍්‍රචාරය වුණාට පස්සේ ඉරාජ් ඔබට කතාකළාද?
නැහැ. තවම කතා කළේ නැහැ. මාත් ඉන්නේ කතා කරනකම් ‘මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ’ කියලා අහන්න. වුණේ වැරැුද්දක් ඒකට මම දැන් කණගාටු වෙනවා.

70 සහ 80 දශකවල ස්වර්ණමය වූ සිංහල සිනමාවේ  දුෂ්ට චරිතයට පණ පෙවූ ඔහු විශිෂ්ට රංගධරයෙක් ලෙස රසික ප්‍රසාදය දිනාගෙන තිබුණි.

Related posts

මහින්දානන්දගෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් ප‍්‍රශ්ණ කරයි

colombotoday

කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර හමුවෙයි

colombotoday

2020 තීන්දුව කණපිට ගසා මීලග ඡන්දෙන් ජනතාව අපට දරුණු තීන්දුවක් දෙන්න ඉඩ තිබෙනවා – විදුර

colombotoday

“අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා” – ජනපති

colombotoday

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතී

colombotoday

පෞද්ගලික බැංකුවක මිලියන 910ක මූල්‍ය වංචාවක් | සැකකරුවෙක් CID අත්අඩංගුවට

colombotoday