Colombo Today Local News

මේ වසරේ ආපදා වලින් ලක්ෂ 25ක් අනාථයි.. ලක්ෂ 3කට කන්න නෑ..

දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වීම හේතුවෙන් මේ වසරේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් ලක්ෂ විසි පහකට අධික සංඛ්‍යාවක් අනාථ වූ බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවැසුවේ ලංකාවේ දේශගුණික අනාථයන් සම්බන්ධව කටයුතු කළ ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ නිපෝන් හෝටලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය.

දේශගුණික සහ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් අනාථ බවට පත්වන පුද්ගල සංඛ්‍යාව වසරින් වසර ඉහළ යනවා. උතුර, උතුර මැද, නැඟෙනහිර, වයඹ, දකුණ යන පළාත්වල දිස්ත්‍රික්ක 13කට මේ වන විට බලපා ඇති දැඩි නියං කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයන් ලක්ෂ 19ක් අනාථයන් බවට පත් වෙලා. එයිනුත් පවුල් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී සිටිනවා. මම මේ තොරතුරු කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කර ඇති සමීක්ෂණයන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලබා දෙන දත්ත අනුවයි.

බොහොමයක් පවුල් දිනකට එක් ආහාර වේලකට සීමා වෙලා. මේ තත්ත්වයන්ට මුහුණ දී ගත නොහැකි පුද්ගලයන් සිය දිවි නසා ගෙන ඇති බව හෙළි වී තිබෙන්නේත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ සමීක්ෂණයෙන්මයි.

ඒ වගේම කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් නිසා පුද්ගලයන් ලක්ෂ හතකට ආසන්න සංඛ්‍යාවක් අනාථ වුණා. පුද්ගලයන් තුන්සීයක් පමණ මියගොස් නිවාස දෙදහස් පන්සීයක් මුළුමනින්ම විනාශ වුණා. තවත් නිවාස පහළොස් දහසක් අර්ධ හානියට ලක් වුණා.

දේශගුණ විපර්යාසයන් නිසා රටේ ආර්ථිකයට සහ ජන ජීවිතයට සිදුවන හානිය ඉතා විශාලයි. දේශගුණික අනාථයන්ගේ සුබසාධනය වෙනුවෙන් ඔවුන්ගේ ජන ජීවිතය නඟාසිටුවීම සහ සුරැකීම වෙනුවෙන් මීට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළක් මෙන්ම සම්මුතියක් අවශ්‍ය වෙලා තිබෙනවා.

 

Related posts

වැවේ පිටවාන කඩන්නයි කියා පුත්තලම නාගරික මන්ත්‍රීගේ කනට ගහලා

colombotoday

වරාය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ – අගමැතිගෙන් සහතිකයක්

colombotoday

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

Admin

හිටපු ජනපති තිරුපති යයි.. වෙන්කටෙස්වර දෙවියන් වැදපුදා ගනී..

colombotoday

නිදහස් වෙළඳ කලාපවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගියද ආයතන වසා නැහැ

colombotoday

WHO නිර්ණායකවලට අනුව අලුත් මරණ සහතිකයක්

Admin